2023 මාර්තු 05 වන ඉරිදා

මගඇරපු ලොක්කා

 2023 මාර්තු 05 වන ඉරිදා, පෙ.ව. 06:00 924

පසුගිය දවස්වල ආණ්ඩුවෙ මුදල් පිළිබඳ කාරක සභාවේ ලොකු පුටුවට ආණ්ඩුවට කැමැති කෙනෙක් පත් කරගන්න ගිහිල්ල අවුලක් ඇතිවුණා... කොහොම වුණත් ආණ්ඩුවෙන් මේ සඳහා දියත් කරපු මෙහෙයුමේදී ඒ මෙහෙයුම මගඇරල හිටපු ලොක්කෙක් ගැන ආණ්ඩු පක්ෂයේ ලොකුම තැන්වල වගේම පොඩිතැන්වලත් කසුකුසුවක් පටන් අරන් තියෙනව.

ආණ්ඩු පක්ෂයෙ මුදල් කාරක සභාව වෙනුවෙන් කරපු මෙහෙයුමේදී කරඇරිය ලොක්ක ඒ ගැන රටේ දෙවැනි මහත්තයත් මැතිසබේ කතාවට නායකතුමන් කැඳවපු මීටින්වලට ආවෙත් නැතිලු. මේ ගැන කවුන්සිලේ මහ සභාවේ ඇතිවෙච්ච වාද විවාදවලදිත් එයා නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ගැන සමහර ලොක්කො ඉන්නෙ කේන්තියෙන්ලු. 

අන්තිමට මෙයා මෙහෙම කළේ ඇයි අනේ කියල ඉහළම තැන්වලින් සොයාබැලීමක් කළාම අපූරු කතාවක් ආරංචි වුණාලු. ඒ කතාවෙන් කියැවුණේ මෙතුමා අනාගතේ රටේ දෙවැනි පුටුවට ඉව අල්ලමින් ඉන්න බවත් ඒකට ටැලිෆෝන් කස්ටියගෙන් උදව්වක් ගන්න හිතාගෙන ඉන්න නිසා මේ වගේ විපක්ෂනාශක වැඩවලින් ඉවත්වෙලා ඉන්න වගයි.

ඒ අනාගත අපේක්ෂා කොහොම වෙතත් ආණ්ඩුවෙ ඉඳන් මේ වගේ වැඩකරන ප්‍රේමනීය චරිතවලට අද හිමිවෙලා තියෙන පුටු පෙරළෙයි කියල ආණ්ඩු පක්ෂයෙම පසුපෙළ අය කියනව ඇහුණා.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00