2023 මාර්තු 05 වන ඉරිදා

පුටුව සහ ඡන්දය

 2023 මාර්තු 05 වන ඉරිදා, පෙ.ව. 06:00 734

ටැලිෆෝන් පාටියෙ ලොකු ලොක්කන්ගෙ මීටිමක් ඊයෙ පෙරේද දවසක තිබුණ. මේ මීටිමේ කතාවුණ නොයෙක් මාතෘකා අතරේ මුදල් කාරක සභාවෙ මහ පුටුව තමන්ට ලබා නොදීම ගැන හර්ෂතුමා දිගින් දිගටම කනස්සල්ලෙන් කතා කරන්න ගත්ත....
ඒ කතාව ඉවරයක් නැතුව දිගින් දිගට දිගට ඇදිල යනකොට එතන ඉඳපු කොළඹ දිසාවෙ පුරපති අපේක්ෂක මුජිබ්තුමාට මල පැන්නලු. ඒ පාර මුජිබ් තුමා එතන හිටපු අයට ලොකු දෝස් මුරයක් දැමීම බවයි ආරංචි...

"මේ ඔයගොල්ලො මෙතන සභාපති පුටුවක් අල්ලගෙන නටනව... ඊට වඩා වැදගත් නැත්ද ඉක්මනට ඡන්දය ගන්න එක ගැන උනන්දු වෙන එක.. මම මන්ත්‍රීකමත් දාලා මේ ඇවිල්ල ඉන්නෙ ඒ හින්ද මේ ඔය එක එක පුටු ගැන කතා නවත්තල ඡන්දෙ ගන්න සටනක් දෙමු..." කියල මුජිබ්තුමා කිව්වා.

ඊටපස්සෙ ඔය සභාපති පුටුව ගැන කවුරැත් කතා කළේ නැහැ. ඒ වෙනුවට ඡන්දය ලබාගන්න සටනක් දෙන එක ගැනයි කතා කරන්න ගත්තෙ.