2023 පෙබරවාරි 19 වන ඉරිදා

කතා වලියක්

 2023 පෙබරවාරි 19 වන ඉරිදා, පෙ.ව. 06:00 657

මේ දවස්වල ඡන්ද උණුසුම නැගලම යනව... ආණ්ඩුවටත් වඩා විපක්ෂයෙ වේදිකාවල තමයි උණුසුම් තරගකාරිත්වයක් තියෙන්නෙ... මෙයිනුත් ටැලිෆෝන් පක්ෂයෙ වේදිකාවෙ අපූරු වැඩක් පසුගියදා සිද්ධ වුණාලු.

ගිය මහ ඡන්දෙන් පස්සෙ වැඩිය ඡන්ද වේදිකාවල දකින්න නොලැබුණු සේනාවක සිංහයෙක් වගේ ඉන්න කථිකයෙක් ටෙලිෆෝන් පක්ෂයෙ වේදිකාවට නැග්ග... නැග්ග විතරක් නෙවෙයි උන්නැහේ ප්‍රධාන කථිකයකුත් වුණා... හතර අතට නෙලන්න දක්ෂ කටක් තියෙන මුන්නැහේ පසුගිය දවසක ඡන්ද රුස්වීම් සංවිධායකයන්ගෙන් අලුත් ඉල්ලීමක් කරල තිබුණා...

ඒක තමයි පක්ෂයෙ නායකයා කතා කරන්නට පෙර තිබෙන කතාව තමන්ට ඕනය කියන එක.. නමුත් සම්ප්‍රදාය විදියට ඒ කතාව අයිති රුස්වීම සංවිධානය කරන පළාතෙ සංවිධායකයටලු.

ඉතින් තමන් සංවිධානය කරන රැස්වීමෙ තමන්ට හිමි කතාව අනුන්ට දෙන්න හුඟක් තැන්වල සංවිධායකවරු කැමැති වෙලා නැහැ. ඒ නිසා සමහර වේදිකාවල ලොකු මත ගැටුම් වගේම විරෝධතාත් ඇවිල්ල.

අලුත් කථිකයා අප්සෙට් ගහලලු... ඒ වුණත් එයා ඉල්ලන විදියට කතා දෙන එකට පක්ෂයෙම ජ්‍යෙෂ්ඨයොත් තිරය පිටුපස කොක්කක් දාලලු... ඒ අල්ල පනල්ලෙ මේ කථිකයා තමන්ගෙ කතාව අතරතුර ජනතාවගෙන් ප්‍රශ්න අහන්න ගිහිල්ල තවත් අලකලංචියක් ඇති කරගෙන ගෝරි ගොඩයිලු.