2017 මැයි 27 වන සෙනසුරාදා

කන්තෝරුවෙ පුහුණු පන්තියක්

 2017 මැයි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 465

පසුගියදාක ආණඩුවෙ ලොකුම අධිකාරියක සභාපති සයිස් කෙනෙක් රූපවාහිනී වැඩසටහනකදි ආණ්ඩුවට නෙලුවලු... තමන්ගෙ පවුලේ කෙනෙක් මේ විෂය භාර දේශපාලන ලොක්ක හැටියට ඉඳෙද්දි සභාපති තැන මේ විදියට ආණ්ඩුව ගැන කතා කිරීම ගැන ඉහළ තැන්වලට මල පැනලලු...

දැන් ඉහළින් මේ සභාපති ලොක්කගෙ කතාවලට උත්තර දෙන්න විෂය භාර නියෝජ්‍ය දේශපාලුතුමාට නියෝග ලැබිලලු...

වාද විවාද කෙසේවෙතත් මේ ආයතනෙට නැගෙන චෝදනාවලට උත්තර දීම ලේසි නැති නිසා දැන් මාධ්‍ය කතාබහට යන්න කළින් උපදේශපාලුතුමා තමන්ගෙ කන්තෝරුව ඇතු‍ළෙ දිනපතා පන්තියක් පවත්වල සාකච්ඡාව කරන්න පුරුදු පුහුණු වුණා කියලා තතු දත් අය කියනව. පන්තියට පස්සෙ උන්නැහේ පන්තියෙන් බොහෝ දේ ඉගෙනගත්තත් තමන්ට පන්ති පවත්තපු ලොක්කන්ට අන්තිමට මෙහෙම කතාවක් කිව්වලු...

“මේ සබ්ජෙක්ට් එක ගැන ප්‍රශ්න ඇහුවොත් නම් මට උත්තර දෙන්න පුළුවන්. ඒත් මේ හාදයින්ගෙ කොටු පැනිලි ගැන ඇහැව්වොත් මොනව කියන්නද?” උන්නැහේ එහෙම කියල ගියේ දවස් දෙකයි විෂය භාර ලොක්කගෙ පට්ටමත් ගැලවුණා. 

 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00