2023 පෙබරවාරි 05 වන ඉරිදා

දහතුන නරකට හිටීද?

 2023 පෙබරවාරි 05 වන ඉරිදා, පෙ.ව. 06:00 555

රටේ ලොකු තැන කරන්න යන 13නේ වැඩේ ගැන ලොකූ කතා බහක් පොහොට්ටුවේ ඇතුළේ හැදිලලු. ඒකට හේතුව බලය බෙදීමට විරැද්ධ ජනතාව තමයි 69 ලක්ෂය නියෝජනය කළේ කියලා. ඒ ජනතාවගේ ඡන්දයෙන් පත්වෙච්ච ලොකු තැන අයින් වෙලා අලුත් ලොකු තැනට දුන්නේ ඒ ජනවරමත් එක්කම කියලයි ඒ අයගේ අදහස. ඉතිං ඒකට විරැද්ධ වෙලා 13 ගෙනාවොත් පොහොට්ටුවේ අනාගතය විනාසයි කියලා පොහොට්ටුවේ බහුතර පිරිසක් විරුද්ධයිලු.

ඒ නිසා අන්න ඒ පිරිස මේ වැඩේට විරුද්ධව හිට ගන්න තීරණය කරළලු. ඒ අතර උඩින්ම ඉන්නේ අම්පාරෙන් ඡන්දය ඉල්ලලා කොළඹ ආපු කෙනෙක්. එයා කෙළින්ම විරැද්ධව යනවා කියලා දැනටම කියලලු. කොහොම වුණත් මේ වැඩේට පොහොට්ටුව සම්මාදම් වුණොත් ආයේ ගමට ගිහින් ඉවරයි කියලා ඒ හැමෝම කියනවලු. ඒ නිසා වැඩේ මැතිසබේට ආවොත් පරද්දන්න මේ කට්ටිය වැඩ කරන්නත් තීන්දු කරලලු.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00