2023 පෙබරවාරි 05 වන ඉරිදා

තුනක් හලයි!

 2023 පෙබරවාරි 05 වන ඉරිදා, පෙ.ව. 06:00 877

අලුතෙන් පටන් ගත්ත දේශපාලන සභාවක ආරම්භක කටයුතුවල ඉඳලම ක්‍රියාකාරිව සහභාගි වුණ පක්ෂ නායකයො තුන් දෙනකුට එම දේශපාලන සභාවෙ සමාරම්භක උත්සවයට ආරාධනා කරල තිබුණෙ නැතිලු...

මේ ගැන කේන්ති ගිය ඔය පක්ෂ තුනෙන් එකක ලොක්කෙක් තමන් සන්ධානයෙන් දොට්ට දාන්න හදනවය කියල ප්‍රසිද්ධියේම චෝදනා කරන්න පටන් ගත්තට අනිත් දෙන්න නම් තවමත් මුකුත් සිදු නොවූ ගානට සද්ද නැතුව ඉන්න බවයි තතු දත් අය කියන්නෙ...

මේ කැපිල්ලට හේතුකාරණා මොනවද කියල සොයල බලපු සමහරුන්ට ඔය සභාවෙ සමහර ජ්‍යෙෂ්ඨයො කියල තියෙන්න "ඕකට හේතුව අනේ අපි නම් දන්නෙ නැහැ" කියලලු. එයාල එහෙම කිව්වත් හේතුවක් නැතුව මෙහෙම දඩ කැපිල්ලක් දාන්නෙ නැති බව ඔය සභාවට සම්බන්ධ තවත් උදවිය කියමින් යනවලු...

කොහොම නමුත් මේ කැපිල්ලට ලක්වුණු පක්ෂ නායකයො අතර එක්තරා සංවාද කවයක් නියෝජනේ කරන ලොක්කෙකුත් ප්‍රකට දේශපාලන හිමිනමකුත් සම සමාජයක් හොයන නායකයෙකුත් ඉන්නවලු. 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00