2017 මැයි 27 වන සෙනසුරාදා

බිල් ගෙවීම

 2017 මැයි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 357

ඒකාබද්දෙ කස්ටියකගෙ පොඩි රැස්වීමක්... ඒකෙදි කොළඹ දිසාවෙ එක්තරා මන්තිරිතුමෙක් අලුත් සොයාගැනීමක් කරල ඒක හෙළිදරව් කළා කියල ආරංචියි...

අහගෙන හිටපු අයට ඇහුණෙ ඒක සයිටම් අයිටම් එකක් වගෙයි. පසුගිය කාලෙ තදින් අසනීප වෙච්ච ආණ්ඩුවෙ කටකාර වගේම බලවත් ඇමැති සයිස් මහත්තයෙක් ප්‍රතිකාර ගන්න සිංගප්පූරුව පැත්තෙ ගියාලු.

සිංගප්පූරු රෝහලක බේත්හේත් ගන්න යන ගණන් හරි සැරයි. ඒත් ඉතින් ලෝබ නැතුව උන්නැහෙ බිල ගෙවල ඇමැතිතුමා වියදම් බරෙන් නිදහස් කෙරුවෙ එක්තරා ආයතනයක් විසින්ය කියලයි මේ හෙළිදරව්වෙදි කියැවුණේ. ඒක මේ දවස්වල රටට වාතයක් වෙලා තිබෙන ආයතනයක් කියලයි එතන කියැවුණේ.