2023 ජනවාරි 29 වන ඉරිදා

සටන පටන්ගන්න දවස

 2023 ජනවාරි 29 වන ඉරිදා, පෙ.ව. 06:00 520

ආණ්ඩුව විසින් තනතුරෙන් අස් කරන්න හදනවය කියන සුප්‍රකට කොමිෂන් සභාවක සභාපතිවරයෙක් රකින්න සංඝයා වහන්සේලා පවුරක් වගේ ඉන්න යනවය කියල ආරංචියි...

මේ දවස්වල ආණ්ඩුවත් තමන්ගෙ විෂයභාර ඇමැතිවරයත් සමඟ ප්‍රසිද්ධියෙ සටන් කරන මේ සභාපතිවරයා ඉදිරි කාලෙ ලංකාවෙ ලොකුම තනතුරකටත් සටනක් දෙන්නලු යන්නෙ...

ඉතින් උන්නැහේට දේශපාලන පැත්තෙන් නොගියත් සෝලි වැටෙද්දී ඊයෙ පෙරේදා එයා කොළඹ 7 සුප්‍රකට ආරාමෙක වෙසෙන සටන්කාමී හිමිනමක් හමුවෙලා මේ අවනඩුව කිව්වලු...

''හාමුදුරුවනේ මම සටන් කරන්නෙ ජනතාව වෙනුවෙන්. ජනතාවට සහන දෙන්න. විභාගෙට යන දරුවො වෙනුවෙන්. ඒ නිසයි මට මේ විදියට නොයෙක් දේවල් කරන්න යන්නෙ...'' කියමින් මේ සභාපතිවරයා කියූ කතාව අහගෙන හිටපු නායක හාමුදුරුවො මෙහෙම පිළිතුරු දුන්න බවයි ආරංචි...

''ඔබතුමා ජනතාව වෙනුවෙන් වැඩකරන නිසා අපි ඔබතුමා ආරක්ෂා කරනව. ඒකට මම පමණක් නොවෙයි තවත් නායක හාමුදුරුවරුන්ගෙ සහයෝගයත් ලැබෙනව... බලමු එයාල ඔබතුමා හිතුවක්කාර විදියට අස්කරයිද කියල. එදාට තමයි අපි සටන පටන් ගන්නෙ...''

නායක හාමුදුරුවන්ගෙ මේ ප්‍රතිඥාව ලබාගත්ත සභාපතිවරයා උන්වහන්සේට නමස්කාර කරල පිටත්වෙලා ගියාලු.