2023 ජනවාරි 29 වන ඉරිදා

තුන් කට්ටුව සටනට බසී

 2023 ජනවාරි 29 වන ඉරිදා, පෙ.ව. 06:00 679

පොහොට්ටු පක්ෂයේ තුන්දෙනෙක්ට ළඟ ළඟ එන කැබිනට් සංශෝධනයෙන් කැබිනට් පට්ටම් කෑල්ලක් ලැබෙයි කියලා හිතුවට ලැබෙන පාටක් නැති නිසා ඒ අය තීන්දුවක් ගත්තලු ආයේ ආණ්ඩුවේ වැඩවලට අත උස්සන්නේ නෑ කියලා. හඟුරන්කෙත, කුරුණෑගල සහ කළුතර පැත්තේ ඉන්න මේ තුන්දෙනා කෙළින්ම එයාලගේ පක්ෂයේ ලොකු තැන්වලට කිව්වලු ඒ ගැන.

මොකද පක්ෂය වෙනුවෙන් දර දිය ඇද්ද මේ තුන්දෙනා වෙනුවෙන් පක්ෂය පවා කතා කරන්නේ නැත්නම් තවදුරටත් ආණ්ඩුව වෙනුවෙන් කතා කරන්නේ නෑ කියලා තීරණය කරලලු ඉන්නේ. කොහොම වුණත් මේ අය වෙනුවෙන් පක්ෂයෙ එකම එක්කෙනෙක් ඉන්නවලු. ඒ පොහොට්ටුවේ මෙහෙයුම් ප්‍රධානියා කියලයි ආරංචි. අයියලා මල්ලිලාගේ බාල මල්ලි වෙච්ච එයා නම් කියන්නේ ඉවසන් ඉඳලා ලොකු වෙනසක් කරමු කියලලු. කොහොම වුණත් එයා නිතරම මේ තුන්දෙනාගේ වැඩේ වෙනුවෙන් කතා කරනවලු. ඒ කතාවල ප්‍රතිඵලයක් නැත්නම් මේ හතරදෙනා එකතුවෙලා එක තැනකදී ආණ්ඩුව බිත්තියට හේත්තු කරන්න ඉඩ තිබෙන බවයි තතු දත් අය කියන්නෙ.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00