2023 ජනවාරි 08 වන ඉරිදා

පිටිපස්සෙ ඉන්නෙ අරයලු

 2023 ජනවාරි 08 වන ඉරිදා, පෙ.ව. 06:00 514

පහුගිය දවසක මාර්ග සම්බන්ධයෙන් තියෙන ආයතනයක ප්‍රශ්නයක් වුණානේ. මේ ප්‍රශ්නය ඇතිවුණේ ඒ ආයතනයේ සභාපතිටයි විධායක අධ්‍යක්ෂකටයි විරුද්ධව වුණාට මේක ඇත්තටම සිද්ධ වුණේ ඇමැති තැනටත් විරුද්ධව කියල තතු දත් අයම කියනව.
කොහොම වුණත් මේක ඉබේ ඇතිවුණ අවුලක් නෙමේලු. මේක පිටිපස්සේ එක්තරා හිටපු ලොකු ඇමැත්තෙක් ඉන්නවලු. පාරවල් ගැන දන්න පාරවල් කාලා ඉන්න එයාට ආයේ ඒ තැනට එන්නලු මේ වැඩ ටික සිද්ධ වෙන්නේ. මේකේ ඉන්න ගෝලබාලයෝ කරන්නේ එයාව ගන්න වැඩ කරන එකලු. ඇමැති පට්ටම ඉල්ලුවත් තවම දීලා නැති එයාව කොහොම හරි ඒ තැනට ගන්න සේවක උන්නැහැලා හරි කැමැත්තෙන්ලු ඉන්නේ. ඉතිං මේ විරෝධය පහරදීම් සියල්ල හිටපු කෙනාට ලෙංගතු වැඩිකමට කියලයි ආරංචිය. මොකද සේවකයෝ විතරක් නෙමෙයි උන්නැහේ ඉල්ලන්නෙත් ඒ තැනමලු.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00