2022 නොවැම්බර් 27 වන ඉරිදා

අයවැය ඡන්දෙ දවසෙ කට්ටි පැනිල්ලක්

 2022 නොවැම්බර් 27 වන ඉරිදා, පෙ.ව. 06:00 358

අයවැය ඡන්දෙ දවසෙ විපක්ෂය තීන්දු කළේ අයවැයට විරුද්ධව ඡන්දය පාවිච්චි කරන්න... ඒ තීන්දුව අරන් පක්ෂයෙ හැමෝටම ඒක දැනුම් දුන්නා...

ආණ්ඩුවට යන්න ඔන්න මෙන්න කියල හිටපු කළුතර දිසාවෙ අපරාජිත මන්ත්‍රීතුමන් අන්තිමේදි පරණ කතා අමතක කරල අයවැයට විරුද්ධව ඡන්දය දුන්න බව ආරංචියි.

ඒත් විපක්ෂයෙ තීන්දුව අනුව අයවැයට විරුද්ධව ඡන්දෙ දෙන්න මන්ත්‍රීල දෙන්නෙක් කවුන්සිලේට ආවෙ නැතිලු...

මේ ගැන සොයල උන්නැහේලට දුරකතන ඇමතුම් දීල ගෙන්නන්න හැදුවත් එයාලගෙ ජංගම දුරකතනත් ඕෆ්වෙලා තිබුණු බවයි ආරංචි.

පසුගිය කාලෙ ආණ්ඩුවට බැණ බැණ හිටපු මේ මන්ත්‍රීල දෙන්නම වතුකරේ නියෝජනය කරන උදවියය කියල කියනව... එක්කෙනෙක් වතුකරේ කුමාරයෙක්ලු... අනෙක් කෙනා බදුල්ල පැත්තෙ සූරයෙක් කියලත් කියවෙනව.
ආණ්ඩුවෙ ඉහළම තැනක මෙහෙයුමකට අනුව ඒ අය මේ විදියට අයවැයට විරුද්ධ නොවූ බවයි තතු දත් අය වැඩිදුරටත් කියන්නෙ.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00