2022 නොවැම්බර් 27 වන ඉරිදා

අලි ප්‍රශ්නයක්

 2022 නොවැම්බර් 27 වන ඉරිදා, පෙ.ව. 06:00 568

අලි පාටියේ කීප දෙනෙක් මේ වෙද්දි පක්ෂයේ බලය ආණ්ඩු මට්ටු කරන්න පටන් අරන්ලු. සමහර අයට මේ අය සම්බන්ධ කරගන්නත් අමාරුලු. කොහොම වුණත් දැන් ආයේ පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලලු තියෙන්නේ. ඒ එයාලගේ පක්ෂයට දුරකථන පාටියෙන් එකතුවෙන අයට ඉඩක් නොදෙන වැඩක්ලු.

කොළඹ උතුරෙ ඉන්න කෙනකුයි, පුත්තලමේ පැත්තේ කෙනකුයි, ඇතුගල පැත්තේ ඉන්න කෙනකුයි තමයිලු සියලුම වැඩ සැට් කරන්නේ. පක්ෂයට එකතු වෙන්න කියලා දුරකථන පාටියෙන් එන ගොඩකට ආයේ හැරිලා යන්න වෙලාලු තියෙන්නේ. උඩින්ම ඉන්නේ දුරකථන පාටියෙන් ආණ්ඩුවට උදව් කරන්න ඇවිත් ඇමැතිකම් ගත්ත දෙන්නෙක්ලු. එයාලට අඩුම ගාණේ පොඩි තනතුරක් තියා පක්ෂයට ගාවගන්නත් සමහරු අකමැතිලු. කොහොම වුණත් මේ ගැන උඩටත් ආරංචි ගිහිල්ලු තියෙන්නේ. ලොකු තැනගෙන්වත් මේ ප්‍රශ්නය විසඳේවිද කියලයි දැනට ආණ්ඩුවට ආපු අය බලන් ඉන්නෙ.