2022 නොවැම්බර් 20 වන ඉරිදා

දැක්ක ගමන් මාරු වුණා

 2022 නොවැම්බර් 20 වන ඉරිදා, පෙ.ව. 06:00 669

රටේ දෙවැනි තැනගේ ප්‍රධානත්වයෙන් තිබුණලු කතරගම කිරිවෙහෙරේ ආශිර්වාද පූජාවක්. මේකට ආණ්ඩුවේ මැති ඇමැතිලත් සහභාගි වුණාලු. ඒ අතර හිටියලු ඌව පළාතේ නිමල හදක් ඇති දේශපාලුතුමෙක්. උන්නැහේ ජ්‍යෙෂ්ඨයෙක්. මෙයා ඉතින් කලකට පෙර ගොඩක් සමීපව ඇසුරු කරපු මිතුරියක් පසුගිය කාලේ මග ඇරලලු හිටියේ. ඒකට හේතුව මේ හිතවත්කම ගැන ගොඩක් කතා එහේ මෙහේ වුණ නිසාලු. ඔය කියන මිතුරිය මග ඇරලා හිටිය එයාට කිරිවෙහෙරදී දෙයියෝ සිහිවෙන වැඩක් වුණාලු.

කතාව මේකයි. ඒ රටේ දෙවැනි තැන එක්ක මෙයයි, මීට කලින් කතරගම ලොකු තනතුරක් දැරුව දැන් රාජ්‍ය ඇමැති කෙනෙක් වෙලා ඉන්න කෙනකුයි කතාවක් දාගෙන යන ගමන් එයාට එකපාර ඈත පේන්න ගත්තලු මල් වට්ටියක් අත දරාගෙන ඉන්න රූමත් කාන්තාවක්. ළඟට එනකොටලු දැක්කේ ඒ ඉන්නේ අර නෝනා කියලා. දැක්ක ගමන් ගැස්සුණ මෙයා වැසිකිළියට යන්නම් කියලා කට්ටියගෙන් ගැලවිලා ඈත් වුණාලු. ඈත්වුණා වුණාමලු පුදබිමේ නම් ඒ නිර්මල හදවත ආයේ දකින්න ලැබුණේ නෑලු.

 

 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00