2022 නොවැම්බර් 20 වන ඉරිදා

ආසයි බයයි කස්ටියට පිහිටක්

 2022 නොවැම්බර් 20 වන ඉරිදා, පෙ.ව. 06:00 496

ආණ්ඩුවෙ ඉන්න පොහොට්ටු මන්ත්‍රී කස්ටියගෙන් කිහිප දෙනෙක් දැන් ටැලිෆෝන් පාටිය එක්කලු වැඩිපුර පයිරු පාසනම් තියෙන්නෙ.

ඒත් උන්නැහේල කවුරුවත් එකපාරට එයාලගෙ වේදිකාවට නගින්න සූදානමකුත් නැති බවයි ආරංචි. මේ ආසයි බයයි තත්ත්වෙ නිසා තමන්ගෙ වැඩේ කරගන්න එයාල වක්‍ර මාර්ගයක් සොයාගෙන බව ආරංචියි.

ඒ අනුව සිද්ධ වෙන්න යන්නෙ ආණ්ඩුවෙ කැබිනට් ඇමැති කෙනකුට අයිති පුංචිම පුංචි පක්ෂයක් එක්ක ඒ පොහොට්ටු කස්ටිය මුලින්ම සන්ධානගත වෙනව...

ඊට පස්සෙ ඒ පක්ෂය ටැලිෆෝන් පක්ෂය එක්ක සන්ධානගත වෙනවා.. අන්න ඒ විදියට අමුතු පාරකින් විෂයයට සැට් වෙන්නයි මේ කස්ටියගෙ අදහස. ඔය අදහස දරන උදවිය හත් අට දෙනෙක් දැන් තැන තැන එකතුවෙලා මේ ගැන කතා කරනවලු. උන්නැහේලගෙ පිහිටට තමන්ගෙ පක්ෂයෙ සහයෝගය දෙන්න යන ඇමැතිතුමා අමුතු බලවත් පොරක්ලු.

 

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00