2022 නොවැම්බර් 20 වන ඉරිදා

පැනිල්ල අවුල්!

 2022 නොවැම්බර් 20 වන ඉරිදා, පෙ.ව. 06:00 594

පක්ෂයේ පීල්ල මාරු කරලා ආණ්ඩුවට පනින්න  ලෑස්තිවෙලා හිටිය කළුතර කෙනෙක්ගේ වැඩේ ටිකක් කනපිට හැරිලලු තියෙන්නේ. එයා ආසම ඇමැති පට්ටමක් වෙච්ච සුව ඇමැතිකම මෙයාට ආරාධනා කරපු අයගෙන් ඉල්ලුවත් වැඩේ ඕකේ වුණාට පස්සෙ ඒක ටිකක් ඇදිලා ගියාලු. ඒකට හේතුව දැනට ඉන්න සුව ලොක්ක වැඩේට අකැමැති නිසා සහ එයාගේ පක්ෂයට ඒ ඇමැති පට්ටම ඕන නිසාලු.

කොහොම වුණත් වැඩේ දැන් කනපිට හැරිලා තියෙන නිසා මෙයාට කිව්වලු අයවැයත් දිනෝලම පාර පනින්න  කියලා. ඉතින් ඊට පස්සේ අලුත් කැබිනට් එකක් හදලා ඒකට මෙයාගේ වැඩෙත් දාන්නලු ප්ලෑන් එක. ඒත් වැඩේ කියන්නේ සුව ඇමැතිකම පොහොට්ටුවට අයිති එකක් නිසාත් එයාට ඒ පැත්තෙන් පෙරළෙන බාල්දිය නිසාත් තවම පාර පැනගන්න බැරුවලු ඉන්නේ.