2022 නොවැම්බර් 13 වන ඉරිදා

ග්‍රහ මාරුව සමග පැති මාරුවක්

 2022 නොවැම්බර් 13 වන ඉරිදා, පෙ.ව. 06:00 670

සියනෑවේ පැත්තේ පොහොට්ටු ලොක්කෙක් සම්බන්ධයෙන් ලොකුම ලොකු අවුලක් ඇති වෙලාලු තියෙන්නේ. දේශපාලනයෙම කැළඹීමක්ලු. මොකද මෙයා සීරුවට වෙන පැත්තකට මාරුවෙන්නලු යන්නේ. රාජ යෝගයක් පවා තියෙනවය කියන මුන්නැහේ ලබන වසරේ මුල සිදුවන ග්‍රහ මාරුවක් එක්ක පක්ෂ මාරුවට සූදානම්ය කියලයි කියැවෙන්නෙ. මේ මාරුව වෙන්නේ රටේ ලොකු තනතුරක් බලාගෙනලු. මේ නිසා අවුරුදු ගාණක් ළඟම හිටිය රටේ ලොකු පවුලකුත් මෙයා අත් අරින්න තීන්දු කරාලු.

කොහොම වුණත් එයා පිම්ම ගහන්න යන්නේ අලුත් සන්ධානයක් හදාගෙන ඒ සන්ධානයේ නායකයා වෙලා. ඒත් මෙයා යන්න හදන පක්ෂයේ ගොඩක් අලියෝ වගේ අය මෙයා එක්ක වැඩ කරන්න බෑ කියලා දැනටම ඒ පක්ෂයේ ලොකු තැනට කියලලු. කොහොම වුණත් ලොකු තැනත් නැවතත් රටේ ලොකු පුටුවට ට්‍රයිකරන නිසා මෙයාව දකුණු අත වගේ තියා ගන්නලු යන්නේ. ඒ නිසා මෙයාට රටේ ලොකු පුටුවකුත් පරිත්‍යාග කරන්න යනවය කියලයි ආරංචි. අන්න ඒ නිසාලු මේ පිම්ම ගහන්න හදන්නේ.

කොහොම වුණත් මෙයා යන එකට මෙයාගේ පැත්තේ ඉඳලා පීලී මාරුකරන්න හදන අනෙක් අයත් විරුද්ධයිලු.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00