2022 නොවැම්බර් 13 වන ඉරිදා

හොඳ වැඩක් කරනවලු

 2022 නොවැම්බර් 13 වන ඉරිදා, පෙ.ව. 06:00 464

වරායේ බටහිර පැත්ත ගත්ත ඉන්දියාවේ අය පසුගිය සතියේ ඒ පැත්තේ වැඩ පටන් ගත්තලු. මේ වැඩේට ප්‍රධාන අමුත්තා වුණේ වරාය භාර ඇමැතිතුමා. මුන්නැහේ ඇවිත් මුල්ගල් එහෙම තියලා ගියාලු. උන්නැහේ මුල්ගල් තියද්දී මේක මාධ්‍ය මගින් රට වටේ ගියා.

මේ අතර ඒ ප්‍රවෘත්තිය වරාය භාරව ඉන්න රාජ්‍ය මට්ටමේ ඇමැති තැනටත් ගියාලු. ගියාට පස්සේ තමයිලු එයා දන්නේ ඒ වගේ උත්සවයක් එදා තිබිලා කියලා. මේක ආරංචි වුණු ගමන් උන්නැහේට යක්ෂයා වැහුණලු. මොකද එයාට ආරාධනා කරලා නැති නිසා. මේ නිසා යකා ඇවිස්සුණු එයා කඩාගෙන පාර්ලිමේන්තුවට ගියාලු. ගිහින් පොහොට්ටුවේ ලොක්කෙක් හම්බවෙලා කිව්වලු විෂය භාර ලොක්කගෙ ආසාධාරණය. තවත් ඒවා ඉවසන්න බෑ... මේක දෙකෙන් එකක් බේරගන්න ඕන... හොඳයි මම හොඳ වැඩක් කරන්නම්කො කියල. 

හැබැයි උන්නැහේ කරන හොඳ වැඩේ මොකද්ද කියල නම් නැහැ. ඔය කියන රාජ්‍ය ඇමැතිත් ලේසි පහසු 'මල්ලි' කෙනෙක් නොවන නිසා විෂය භාර ලොක්කට වාතයක් වෙන්න පුළුවන් කියල තතු දත් අය කියනව. ආණ්ඩුවේ ඉන්නවද කියලත් හිතන්න ඕන කියලා බරබරයක් දාලා එන්න ආවලු.

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00