2022 නොවැම්බර් 06 වන ඉරිදා

ඒවා මෙහේ බැහැ

 2022 නොවැම්බර් 06 වන ඉරිදා, පෙ.ව. 06:00 661

ටැලිෆෝන් පක්ෂයෙ ප්‍රධාන කස්ටියක් එකතුවෙලා ඉදිරි අයවැය ගැන කතාවක් පටන් ගත්ත.. පක්ෂයෙ ලොකු තැනගෙ ප්‍රධානත්වයෙන් තමයි මේ අයවැය කතාව පැවැත්වුණේ.

ආණ්ඩුව අයවැයෙන් නග්ගන්න යන බදු සහ ගාස්තු ගැන මෙතනදි ලොකු විවාදයක් ගියාලු...

අලුතෙන් එන බදු සහ ගාස්තුවලට දැඩිව විරුද්ධ වෙන්න ඕන කියල රැස්වීමෙ හිටපු පක්ෂ නායක තැන ඇතුළු බහුතරය කියද්දි ඒ මතයට විරුද්ධව ටැලිෆෝන් පක්ෂයෙ ප්‍රධානම චරිත තුන හතරක් කතා කරන්න පටන් ගත්ත... පක්ෂයෙ ඉන්න ආර්ථික විශේෂඥයෙක්, ලොකුම නෝනා කෙනෙක්, නිතරම තක්බීර් වෙලා ඉන්න හිටපු ඇමැති සයිස් (දැන් මන්ත්‍රී සයිස්) පොරක් සහ තිරය පිටුපස ඉඳන් සිඟිති මෙහෙයුම් දියත් කරන්න දක්ෂ එක්තරා (රත්නයක්) මේ අදහස දරන බව කියැවිලා.

මේ අය කියල තිබෙන්නෙ අපි මේ බදු ගාස්තු නග්ගන එකට විරුද්ධ වුණාට ඒක නොකර බැරි බවයි...

නමුත් ඒ අදහසට බහුතරය විරුද්ධ වෙලා ලොකු මත ගැටුමක් ඇතිවුණාලු... සමහරු මේ කස්ටියට නොකිය කියල තිබෙන්නෙ තමන්ගෙ පරණ ලොක්කා වන දැන් රටේ ලොක්කගෙ දෑත් ශක්තිමත් කරන වැඩ මෙහේ නම් බැහැ කියලලු.