2022 නොවැම්බර් 06 වන ඉරිදා

පරද්දන කතා

 2022 නොවැම්බර් 06 වන ඉරිදා, පෙ.ව. 06:00 595

කැබිනට් පට්ටම්වල සැප සහ බලය නැතුව කනස්සල්ලෙන් ඉන්න පොහොට්ටුවෙ හත් අට දෙනෙක් ඒකට වාඩුව ගන්න අයවැයේදී තමන්ගෙ බලය පෙන්නන්න යනවය කියල කතාවල් පැතිරෙනව...

සමහරු නම් ගම් ඇතිවම ඒ කතාව කියලත් තිබුණා. කොහොම හරි මේ කලකිරීමෙන් ඉන්න උදවිය අයවැය ඡන්දය ගැන කතා කරන්න දියවන්නාව කිට්ටුව ගෙදරකදි හැන්දෑවට හැන්දෑවට හම්බවෙන්නත් පටන් අරන්ලු... මෙම හමුවීම්වලදි එයාල තීන්දු කරන්න යන කාරණා ගණනාවක් ගැන කතාබහ ඇතිවෙලා...

සමහරු කියල තියෙන්නෙ කාරක සභාවෙදි තෝරාගත්ත අමාත්‍යංශ කිහිපයක් පරද්දල පෙන්නමු කියලලු. ඒ අමාත්‍යංශ අතරෙ තිබෙන ඒවා හැටියට බොහෝ දෙනා කියල තියෙන්නෙ අලුත්කඩේ වැඩවලට බලපාන එකක් සහ පොලිස් වැඩවලට බලපාන අමාත්‍යංශයක් ගැනලු. ඒත් මේ ගැන අන්තිම තීන්දුවකට ඇවිල්ල නැති බව තතු දත් ආරංචි මාර්ග කියනව...

උඩරට කටකාර ලොක්කෙක් වයඹ පළාතෙ වගේම බස්නාහිර පළාතෙන් කවුන්සිලේට ආපු කස්ටියක් මේ රහසිගත කතාබහේ ඉන්න බවත් කියැවෙනව.

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00