2022 ඔක්තෝබර් 23 වන ඉරිදා

රස උතුරන පින්තූර සහ වීඩියෝ..

 2022 ඔක්තෝබර් 23 වන ඉරිදා, පෙ.ව. 08:00 818

අර සල්ලි ගොඩක් වංචා කරපු නෝනා පොඩ්ඩගෙන් හම්බුණ වීඩියෝ සහ පොටෝ කෑලි ටිකක් හින්දා පරීක්ෂකයෝ පවා මේ දවස්වල හිර වෙලාලු ඉන්නේ. පොලීසියේ එක්තරා ලොකූ උන්දැලා දෙන්නෙක් එක්ක ලොකූ හෝටල් කීපයක ඉඳලා ගත්ත අතිශය ශෘංගාරාත්මක වීඩියෝ සහ පොටෝ වගයක් නෝනගේ පෝන් එකේ තියලා හම්බුණාලු.

මේක දැක්ක නිලධාරීන් එයාලාගේ ලොකු තැන්වලට යවලා අපි මොකද කරන්නේ කියලා ඇහුවලු. තවම හරිම උත්තරයක් නැති නිසා එහෙමම ඒක තියෙනවලු. ආරංචි හැටියට ළඟදීම ඉන් එක්කෙනෙක් නම් රහස් පොලීසියට කැන්දන් එන්නලු යන්නේ. අනික් කෙනා වංගු ගහලා බේරිලලු ඉන්නේ. කොහොම වුණත් මේ දෙන්නත් නයි මුගටි වගේ නිසා මේ හම්බුණු වීඩියෝවලින් කවුද හොඳටම ප්‍රයෝජනය ගන්නේ කියලා හැමෝම බලාගෙනලු ඉන්නේ.