තමන්ට ආණ්ඩුව සලකන්නෙ නැහැ කියලා පසුගියදාක ප්‍රසිද්ධියෙම දොස් පරොස් කියපු බස්නාහිර පළාතෙ රාජ්‍ය ඇමැති සයිස් මහත්තයෙක් ඒ කතාවට පසුදා හිටපු ලොකු තැනක සහෝදරියගෙ පින්කමකට සහභාගීවෙන්න ඒ නිවසට ගියාලු...
පැයකට වැඩි කාලයක් එතන හිටපු උන්නැහේ නාමල්තුමා එක්කත් සෑහෙන වෙලා පෞද්ගලිකව සතර කන් මන්ත්‍රණයක යෙදුණ කියලා කියනවා. කලක් මහින්දලාට තදට ගහපු උන්නැහේ විතරයි ආණ්ඩුවෙ අයගෙන් මේ පින්කම් පොලේ ඉඳල තිබෙන්නෙත්...
ඉතින් මේ ගමන ගැන ආණ්ඩුවෙ වගේම විපක්ෂයෙ අයගෙත් දැඩි අවධානය යොමුවෙලා තියනවා...