2017 මැයි 20 වන සෙනසුරාදා

කලකිරිලලු

 2017 මැයි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 400

ආණ්ඩුවෙ මැති ඇමැති ගොල්ලගෙ දුක් කතා කඳුළු කතා හරියට අහන්න ලැබෙනවා... අලුත් අය වගේම සමහර අත්දැකීම් ඇති පළපුරුදු අයත් ඒවගේ කතා කියන්න පටන් අරන්ලු.

මේ ආණ්ඩුව ගේන්න බැහැල වැඩකරපු ජාතික ප්‍රශ්න ගැන තදින් කතාකරන එක්තරා ඇමැති මහත්තයෙක් පසුගියදාක කැබිනට් මීටිමේම තමන්ගෙ කළකිරීම තදින් ප්‍රකාශ කළා කියලා ආරංචියි.

ආණ්ඩුවෙ ලොකු මහත්තුරු දෙන්නම ඉස්සරහ උන්නැහේ කරපු කතාවෙදි උන්නැහේ කිව්වෙ අපි ඉන්නෙ ඉතාම කලකිරුණු ආණ්ඩුවක බවයි.

වෙච්ච පොරොන්දු ඉෂ්ඨ නොවීම ගැන වගේම ආර්ථික හරි පාරට ගන්න බැරිවීම ගැනත් එයා බොහොම බරසාර විදියට කරුණු දැක්කුවලු...

ආණ්ඩුවෙ හවුල්කාර පක්ෂයක නායකය හැටියට ජාතික ආණ්ඩුවට ආපු ජාතික ඇඳුමින් සැරසුණු ඇමැතිතුමාගෙ කතාව නිසාවත් වගකිවයුත්තන්ගෙ ඇස් ඇරේවිද කියලා කට්ටියක් බලන් ඉන්නවලු.