2022 ඔක්තෝබර් 02 වන ඉරිදා

’’ඔය හැමෝම යාළුවො මල්ලි’’

 2022 ඔක්තෝබර් 02 වන ඉරිදා, පෙ.ව. 08:00 637

පසුගිය දවසක මාධ්‍ය මගින් ප්‍රචාරය වුණු මන්තිරිලා තුන්දෙනෙක්ගේ වාහන හුටපටේ ගැන අලුත් කතාවක් කරළියට ඇවිල්ලලු තියෙන්නෙ. රටේ මහ කන්තෝරැවෙන් හිටපු ලොකු තැන හිටිය කාලේ ගත්ත වාහන තුනක් අතුරැදන්වීම ගැනලු ඒ කතාව ගියේ. කොහොම වුණත් මේ ගැන වර්තමාන ලොකු තැනගෙ කාර්යාලයෙන් හොයලා බලනකොට ඒ වාහන තුන තිබුණෙ අත පාටියේ ඉහළ කෙනෙක් ගාවයි, වෙන්න ජනපති හීන දැක්ක කෙනාගේ ගෝලයෝ දෙන්නෙක් ළඟයිලු.

කරපු වංචාව නිසා වහාම කාර්යාලයෙන් මේ තුන්දෙනාට විරැද්ධව පොලිස් පැමිණිලි කරන්න හදනකොට අත පාටියේ ලොකු කෙනා නම් වහාම ගිහින් හොරාට වාහනේ බාර දුන්නලු. ඒත් අනික් දෙන්නා දුන්නෙ නැති නිසා පැමිණිල්ල පොලීසියට ගියා.
වැඩේ පත්තු වෙන්න යන්නේ වෙන විදිහකට නිසා බයවුණු අර මන්තිරි දෙන්නා වෙන්න ගිය ජනාධිපතිට මේ ගැන කිව්වලු. වහාම ඒගොල්ල වෙනුවෙන් කෙනෙක් ආණ්ඩුවේ ඉහළ තැනකට කතා කරලා වැඩේ ෂේප් කර ගන්න කතාවක් දැම්මලු.

ඒ කියන්නේ මේ පැමිණිල්ල ක්‍රියාත්මක නොකළොත් ආණ්ඩුවට තිරෙන් පිටුපස සහයක් දෙනවා කියලා. ඒක පොඩි සහයක් නෙමෙයි ලොකු සහයක්. ඒ සමඟ අර වාහන දෙක තියාගෙන හිටිය දෙන්නට තව මාස හයක් වාහන පාවිච්චි කරන්න අවසරත් දුන්නලු. කොහොම හරි අන්තිමේ ඒ අය හැමෝම "ඒගොල්ලෝ යාළුවෝ මල්ලි" න්‍යාය තහවුරු කළාලු.