2022 ඔක්තෝබර් 02 වන ඉරිදා

පට්ටම් ඉල්ලන නෝනලා

 2022 ඔක්තෝබර් 02 වන ඉරිදා, පෙ.ව. 08:00 527

බාලගිරිදෝසෙ හැදිච්ච කැබිනට් පත්කිරිල්ල දවසින් දවස කල් යෑම ගැන හිටපු මැති ඇමැතිගොල්ල ටිකක් ලොකු අප්සෙට් එකකලු ඉන්නෙ...

උන්නැහේලටත් වඩා අප්සෙට් එක තියෙන්නෙ උන්නැහේලගෙ නෝන මහත්තුරුන්ටලු. ඒගොල්ලන්ට අතට පයට වැඩකාරයො යාන වාහන නිල නිවාස නැතිකම දරාගන්න අමාරුය කියලයි අපට ආරංචි... ඉතින් මෙහෙම දුකෙන් කනස්සල්ලෙන් ඉන්න හිටපු කැබිනට් කස්ටියගෙ නෝනා මහත්තුරු ගණනාවක් මේ දවස්වල ආණ්ඩුවෙ එක්තරා ලොක්කකුට හිටු කියල ටෙලිෆෝන් කෝල් දෙනවලු...

ගාල්ල පැත්තෙන් ඇවිත් කොළඹ පදිංචිවෙලා ආණ්ඩුවෙ ඉහළම තැනට සෙට්වෙලා හැමෝගෙම අභය-වර්ධනය කරන මුන්නැහේගෙන් තමන්ගෙ මහත්තුරුන්ට තනතුරු ඉල්ලන සුන්දර නෝනා මහත්වරුන්ගෙ කතා අහන් ඉන්න මෙතුමා බොහොම අමාරුවෙන් ෂේප් න්‍යාය දාලා සූත්තර පුංචෙක් වගේ... ගැලවෙන බවයි ආරංචි.

උන්නැහෙත් කැබිනට් පට්ටමක් බලාපොරොත්තුවෙන් ඉන්න නිසා එයාට මෙහෙම කතා කරන නෝනලට කියන්නෙ "මමත් ඉන්නෙ ඔයාලගෙ බෝට්ටුවෙම තමයි කියලලු"

කොහොම හරි තනතුරු ඉල්ලන නෝනලගෙ හිත සනසන්නත් ඕන නිසා පට්ටම් ලැබෙන දින වකවානු ගැන ඉඟි පළ කරන්නත් එයා අමතක කරන්නෙ නැතිලු.