2022 සැප්තැම්බර් 25 වන ඉරිදා

සෙනඟ නැතිලු

 2022 සැප්තැම්බර් 25 වන ඉරිදා, පෙ.ව. 08:00 856

කලක් රට පාලනය කරපු එක්තරා ලොකු පක්ෂයකට මේ දවස්වල ලොකු ප්‍රශ්නයක් වෙලාලු තියෙන්නේ  කට්ටිය නැතිව. සමහර ප්‍රදේශවල සංවිධායකවරු පවා නෑලු. මේ මෑතක සියනෑවේ වැඩක් තියෙලා 20ක් වත් ගෙන්න ගන්න බැරිවුණාලු. රටේ හිටපු ලොකුම කෙනෙක් සභාපතිකම දරන පක්ෂයේ ඔහු යන වැඩකට පවා 20ක් වත් නැතිවීම ගැන එයාටත් යකා නැගලලු ඉන්නේ.

ඉන්න ගොඩක් අය දැන් අලි පාටියට එකතුවෙලාලු. ලොකුම සාමාජිකයො පවා දැන් එයාගේ රැස්වීම් මග හරින නිසා දැන් අලුත් වැඩක් ලෑස්ති කරන්නලු යන්නේ. ඒ විපක්ෂයේ බලවේග එක්ක එකතුවෙන්න. ඒත් එයාගේ වැඩ ගැන දන්න නිසා විපක්ෂයේ අයත් බයලු. කොහොමහරි එයාගේ පක්ෂයට වඩා කළුතර හාදයා පටන් ගත්ත පක්ෂයටත් දැන් සෙනඟ ඉන්නවලු.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00