2022 සැප්තැම්බර් 18 වන ඉරිදා

බදාගැනීම සහ බෙදාගැනීම

 2022 සැප්තැම්බර් 18 වන ඉරිදා, පෙ.ව. 08:00 512

පසුගියදා ආණ්ඩුවට රාජ්‍ය මට්ටමේ ඇමැතිල කස්ටියත් එකතු වුණා.

හැබැයි ඉතින් පසුගිය කාලෙ වගේ උන්නැහේලට විෂයන් වෙන් කරල ගැසට් මගින් භාරදීල නම් නැහැ... ඒකට හේතුව කැබිනට්ටුවෙ ඉන්න ලොකු ලොකු අයගෙ විරෝධයයි කියල කියැවෙනව..

දැන් ඉතින් ආපහු පරණ ක්‍රමේට කැබිනට් ලොක්ක සතුටු කරල දෙන දෙයක් ගන්නයි රාජ්‍ය මට්ටමේ ඇමැති සයිස් අයට වෙලා තියෙන්නෙ...

මේකට රාජ්‍ය මට්ටමේ අය ඉන්නෙ අසතුටින්.. මොකද කැබිනට්ටුවෙ ඉන්න හුඟ දෙනෙක් තමන්ගෙ වැඩවලින් එක කෑල්ලක්වත් රාජ්‍ය මට්ටමේ ඇමැතිලට දෙන්න සූදානම් නැති නිසායි..

ඒ වුණත් මේ ප්‍රතිපත්තිය ගෙනියන්නෙ නැති රාජ්‍ය මට්ටමේ අයට වැඩ පවරන්න සූදානම් විශේෂ හතරදෙනෙක් කැබිනට්ටුවෙ ඉන්න බවයි ආරංචි...

ඒ අය අතර උතුරෙ ඩග්ලස් උන්නැහේ - ගාල්ලෙ පතිරණ උන්නැහේ - මාතර විජේසේකර උන්නැහේ වගේම කොළඹ විජේදාස උන්නැහෙත් ඉන්න බව කියැවෙනව...

දොඩම්ගොඩ බදාගන්න වගේ ඇමැති අංසෙ හැමදේම බදාගෙන ඉන්න කැබිනට් මහත්වරැන්ට මේ අය වැඩ බෙදාගෙන දෙන ආදර්ශය කදිමයි කියල තමයි කියන්න වෙන්නෙ.

 

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00