2022 අගෝස්තු 28 වන ඉරිදා

එයාලා දෙවැනි වටයටලු

 2022 අගෝස්තු 28 වන ඉරිදා, පෙ.ව. 08:00 522

අලුත් කැබිනට්ටුව සැදීම සතියෙන් සතිය කල් යනව. ඒකට හේතුව සර්ව පාක්ෂික වැඩේට තවමත් සමහර පක්ෂවලින් ග්‍රීන් ලයිට් දාපු නැති එකලු...

ඒ කොහොම නමුත් තවත් සතියකින් නව කැබිනට්ටුව එන බවයි ආරංචි.

මෙතන තවත් අරගලයකට හේතුවෙලා තියෙන්නෙ පොහොට්ටුවෙ ඇමැති ලැයිස්තුවෙ නම් කියන සමහර අයට ඇමැති පට්ටම් දීමලු...

විශේෂයෙන් ඒ ලැයිස්තුවෙ ඉන්න දෙන්නෙකුට ඇමැති පට්ටම් දෙන එක ගැන ආණ්ඩුවට සහය දෙන්න එනවය කියන මැති ඇමැති කස්ටියකගෙ දැඩි විරෝධය පළවෙලාලු...

ඒ සමහරු කියන්නෙ "අපි කොහොමද ඔය වගේ අයත් එක්ක එකට කැබිනට්ටුවෙ වාඩිවෙන්නෙ කියලලු.."

ඉතින් මේ හුටපටේ නිසා රටේ ලොකු මහත්තයත් ගැලටුවකට මුහුණ දීලය කියලයි ආරංචි... මොකද පොහොට්ටු කස්ටිය මේ දෙන්නට ඇමැති පට්ටම් ඕනමයි කියල කියන නිසා...

අන්තිමේදී ආණ්ඩුව පැත්තෙන් විකල්ප යෝජනාවක් ඇවිල්ලලු. ඒ අනුව පළවෙනි රවුමෙ කැබිනට්ටුව පත්කරන කොට මේ අර්බුදකාරී චරිත දෙකට ඇමැති පට්ටම් නොදී දෙවැනි වටයකදී ඇමැතිකම් දෙමු කියන එකයි විකල්ප යෝජනාව... රටේ මහ කන්තෝරුව පැත්තෙන් ඇහෙන කතාබහෙන් තේරෙන්නෙ ඒ විදියට වැඩේ සිද්ධවෙයි කියලයි.

මේ විදියට පළවෙනි රවුමේ පට්ටම් නොලැබෙන්නෙ බස්නාහිර පළාතෙ කළුතර පැත්තෙන් ආපු කෙනෙකුටයි වයඹ පළාතෙන් ආපු කෙනෙකුටයි කියල තතු දත් අය කියනව.

 

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00