2022 අගෝස්තු 07 වන ඉරිදා

අමුතු පත්වීමක්...

 2022 අගෝස්තු 07 වන ඉරිදා, පෙ.ව. 08:00 637

තමන්ගෙ අමාත්‍යංශවලට අයිති ආයතනවලට සුදුසු ප්‍රධානීන් පත්කරගන්න ආණ්ඩුවෙ ඉහළින් ඇමැති කස්ටියට අවසරය දුන්නෙ පසුගිය දවසක. ඒ අනුව හුඟක් ආයතනවලට මැති ඇමැති ගොල්ල සුදුසුකම් ඇති පළපුරුදු අය පත්කරගෙන තියෙනව...

එහෙම වුණත් එක්තරා බලවත් රණකාමී ඇමැති සයිස් මහත්තැන් කෙනෙක් තමන් යටතෙ තිබෙන ආණ්ඩුවෙ ප්‍රධානම අධිකාරියකට තමන්ගෙ පවුලට ළඟදිම සම්බන්ධ වෙන්න ඉන්න තරුණයෙක් පත්කරලලු...

නමුත් උන්නැහේ මේ විෂය කාර්ය ගැන අවබෝධයක් නැති කෙනෙක් බවට ආණ්ඩුවෙ මහ කන්තෝරුවට පැමිණිලි පිට පැමිණිලි ලැබිල. ඒ වගේම එක ඇමැති කෙනෙක් මෙහෙම කළාම අනිත් අයත් පවුලෙ අයට පත්වීම් දේවි කියලත් මේ පැමිණිල්ල කරපු අයට දන්වලලු...

මේ හුටපටේ නිසා ඔය කියන අධිකාරියෙ උදවියත් අවුල් වෙලා... ප්‍රශ්නය විසඳෙනකම් ටික දවසක් බලමු කියලලු එයාල කියන්නෙ.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00