2022 ජුලි 31 වන ඉරිදා

කළුවරේ ජරමරේ

 2022 ජුලි 31 වන ඉරිදා, පෙ.ව. 08:00 773

රටේ මහ පුටුවට පත් කරන කෙනා තෝරන මැතිසබා ඡන්දෙට කලින් දවසෙ කොළඹට පැමිණි මන්ත්‍රීවරු වියත්පුර මහල් නිවාසෙ නවාතැන් ගත්තලු.

පසුගිය මැයි මාසෙ තමන්ගෙ ගෙවල් දොරවල් ගිනිතියාපු 75 දෙනෙක් විතර මෙතැන නවාතැන් අරන් ඉන්නකොට එකපාරටම රාත්‍රී විදුලිය විසන්ධි වෙලා පළාතම කළුවර වුණා. එතැන තිබුණ ජෙනියටත් තෙල් නැතුව නැවතිලා තිබුණෙ...

ලයිට් ගියාම ගොඩනැගිල්ලෙ වතුර සැපයුමත් නැවතිලා මන්ත්‍රීවරුයි එයාලගෙ දරු පවුල්වල අයයි ලොකු අමාරුවකට වැටුණා. ජනාධිපති ඡන්දෙට කලින් දවසෙ රාත්‍රී මන්ත්‍රීවරුන්ට මෙහෙම කළේ කාගෙ හරි කඩාකප්පල්කාරී වැඩක් නිසාය කියල හැමෝම සැක කළා... ඒ පාර කළුවරේම ඒ අය විදුලිබලේ ලොක්කට කතා කලාලු. එයා ටෙලිෆෝන් එකට උත්තර නොදෙන නිසා විෂය භාර ඇමැතිට පැමිණිලි කළාලු... ඊට පස්සෙ ඇමැති තැන විදුලිබලේ ලොක්කට කතා කළත් එයා ඇමැතිටවත් උත්තර දුන්නෙ නැතිලු...

ඊළඟට ඇමැති තැන මැදිහත් වෙලා වෙනත් ආයතනයක ඉංජිනේරුවො ගෙනැල්ල වැඩේ කරන්න හදනකොට එළිවුණේ කවුරුන් හෝ මේ මන්ත්‍රී නිවාස තිබෙන ගොඩනැගිල්ලේ ෆියුස් එකත් ගලවල තියලලු. ඒකට මණ්ඩලේ බලවත් උදවිය ප්‍රතිචාරයක් නොදැක්වීම ගැනත් මන්ත්‍රීලට ඇමැතිලට මලපැනලලු ඉන්නෙ.

කොහොම හරි මේ කඩාකප්පල්කාරී වැඩේ කරපු තැනැත්තා හොයාගන්නත් ඒක නිවැරදි කරන්න වැඩ නොකරපු විදුලි මණ්ඩලේ ලොක්කො ගැන සොයන්නත් දැන් රහස් මෙහෙයුමක් ක්‍රියාත්මකලු.