2017 මැයි 13 වන සෙනසුරාදා

මණ්ඩලේ කචල් එකක්

 2017 මැයි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 760

මුදල් භාර දේශපාලන ලොක්කයි රටේ ලොකුම බැංකුවේ මහ පුටුවෙ ඉන්න මහත්තයයි ලොකු වාග් සංග්‍රාමෙක පැටළුණා කියලා ආරංචියි...

මේක සිද්ධ වුණේ ආණ්ඩුවෙ ආර්ථික වැඩ භාර කවුන්සිලේදි කියලත් තතු දත් අය කියනවා.
ඔය බැංකුවෙන් මේ අවුරුද්දට ඉදිරිපත් කරපු වාර්තාවෙ තියන සැබෑ කතා දේශපාලන ලොක්කට දිරවන්නෙ නැති නිසාලු ප්‍රශ්නය ඇතිවුණේ. ඒ වගේම මේ දෙන්නගෙ තීන්දු තීරණත් නිතරම ගැටෙනවලු...
ඉතින් ඒ ගැන තිබුණ අසහනය පුපුරා යාම නිසා දේශපාලන ලොක්ක මහ බැංකු ලොක්කට ඩබල් ගේම් කතාවක් කියල බර බරයක් දැම්මා කියලයි ආරංචි.

හැබැයි ඒ කතාවට බැංකු ලොක්කත් හොඳ උත්තර දීල ආරවුල දිග්ගැස්සෙන කොට එතන හිටපු අනිත් ලොකු මහත්තුරු ඒක නවත්තල. ඒ වුණත් දැන් මේ දෙන්නට දෙන්න රුස්සන්නෙ නැතිලු... දේශපාලන ලොක්කට ආණ්ඩුවෙ එක පැත්තකිනුත් බැංකු ලොක්කට තව පැත්තකිනුත් හයිය ලැබෙන නිසා දෙන්නම කකුල පස්සට ගන්න පාටකුත් නැතිලු.

 

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00