2022 ජුලි 24 වන ඉරිදා

තර්ජනයක් සහ ඔත්තුවක්

 2022 ජුලි 24 වන ඉරිදා, පෙ.ව. 08:00 589

රටේ ලොක්කා තෝරන ඡන්දෙට කලින් දවසක එක්තරා මන්ත්‍රී සයිස් මහත්තයකුට දුරකතන මගින් තර්ජනේ කළා කියල මැතිසබේ කතාවට නායකතුමාට පැමිණිල්ලක් ඇවිල්ල තිබුණලු...

මහනුවර දිසාව නියෝජනේ කරන ඒ පළාතට වසන්තය උදා කරනවය කියපු මේ මන්ත්‍රීතුමා ඒ ගැන කරපු පැමිණිල්ල මැතිසබා පක්ෂ නායක හමුවේදි කතාවට නායක තැන ඉදිරිපත් කළා... මේ පැමිණිල්ල ගැන කියපු කතාවට නායක තැන මේ වගේ වැඩ කෙරෙනව නම් තදින් නීතිමය පියවර ගන්න බව සඳහන් කළා.. 

මේ කතාව නැගල යද්දි බදුලු පළාතෙන් ආව කටකාර පෙරේ-රා කෙනෙක් &ඔය ගැන අමුතු පරීක්ෂණ ඕන නැහැ.. මම දන්නව ඕක කරපු අය ගැන.. කියල පොඩි ඔත්තුවක් දෙන්න හැදුව.. 

එතකොට මේක තවත් ජරමරයක් වේගෙන එන බව පෙනුණම කතාවට නායක තැන ඔත්තුව දෙන්න ආව පෙරේ-රා උන්නැහේට මෙහෙම කිව්වලු.. තොරතුරු දන්නව නම් ඒක මෙතන තියන්න එපා. ඒක පොලීසියට ගිහිල්ල කියන්න. මෙතන ඔත්තු දුන්නට වැඩක් නැහැ..

ඒ කතාව කිව්ව ගමන් ඔත්තුකාර පෙරේරා උන්නැහේ කට වහගත්ත බවයි දැනගන්න තියෙන්නෙ.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00