2022 ජුලි 24 වන ඉරිදා

දේශපාලන ලෝකයට පායන ක්‍රිකට් තරුව

 2022 ජුලි 24 වන ඉරිදා, පෙ.ව. 08:00 1060

කලක් දේශපාලනේ හිටපු සුප්‍රකට ක්‍රිකට් තරුවක් නැවතත් දේශපාලන භූමියට ඉව අල්ලන්න පටන් අරන්ලු. දැන් එයා මේ රටේ එක්තරා ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයකුගෙ ගෙදර නිතර ගැවසෙනවලු... ඒ වගේම පක්ෂයෙ කටයුතුවලට උපදෙස් දෙමින් අවශ්‍ය සහය ලබා දෙන බවත් ආරංචියි.

කලකට පෙර සුපිරි පිතිකරැවෙක්ව ඉඳල දකුණෙන් දේශපාලන පොර පිටියට ඇවිත් කලක් උප ඇමැති සයිස් පට්ටමකුත් දරාපු මුන්නැහේව නැවත ජාතික දේශපාලනේට ඇදල ගත්තෙ කලක් මේ රටේ ඉහළම පුටුවෙ වාඩිවෙලා හිටපු කෙනකුගෙ දෝනියැන්ද කෙනෙක් කියලත් කියැවෙනව...

මේ දෙන්නා එකතුවෙලා ඔය කියන පාටිය ගොඩ දාන්න ගෙනියන වැඩපිළිවෙළට පක්ෂයෙ ඉහළ තනතුරැ දරන සමහරැ නම් කැමැති නැතිලු... 

ඒ කොහොම වුණත් දැන් නම් වැඩේ නැගලම යන බවයි ආරංචි.