2022 ජුලි 10 වන ඉරිදා

අරගලේ අයිතිය

 2022 ජුලි 10 වන ඉරිදා, පෙ.ව. 08:00 610

අරගලයේ අයිතිය සම්බන්ධයෙන් දැන් ප්‍රශ්නයක් ඇතිවෙලා. කාටද අරගලය අයිති කියලා. මෙතෙක් කල් අයිතිය තිබ්බ පෙරටු - සීනු මැදිහත්වීම ක්‍රමයෙන් දුරකථනයට යනවා කියලා සමහරු අතර කසු කුසුවක් ඇතිවෙලාලු. දුරකථන පාටියේ ගොඩක් අය අරගල භූමියේ අය එක්ක සම්බන්ධතා හදාගෙනලු. ඒකට හේතුව සීනුවේ ප්‍රශ්නයක් බවත් ආරංචියි. සීනුව දිගින් දිගටම කරන මැදිහත් වීම් සහ බලය ගැනීම ගැන අදහසක් නැති නිසා අරගලයේ ගොඩක් අය කලකිරිලලු ඉන්නේ.

කොහොම වුණත් මේ 9 වෙනිදා වැඩේ ගැන මේ දෙගොල්ලොම සටන් බිමේලු ඉන්නේ. අන්න එදාට තමයිලු මේ අරගලයේ අයිතිය බෙදෙන්නේ. ඒ නිසා හැමෝම බලාගෙන ඉන්නේ එදාට කවුද දිනන්නේ කියලා.