2022 ජුලි 03 වන ඉරිදා

මඩක් ගැහුවලු

 2022 ජුලි 03 වන ඉරිදා, පෙ.ව. 08:00 498

පසුගියදා දියවන්නා කවුන්සිලේට ගෙන ආපු විදුලිබල පනත පරද්දන්න ආණ්ඩුවෙ එක්තරා හිටපු ඇමැති සයිස් මහත්තයෙක් වැඩ කළා කියල ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍යයෙ ගියා...

රජගෙදරට නිතර යන එන ආණ්ඩුවෙ ආරක්ෂකයෙක් වගේ ඉන්න උඩරට පළාතෙ ආනන්ද ජනක චරිතයක් වන මේ හිටපු ඇමැති තැන ආණ්ඩුවෙ පනතක් පරද්දන්න වැඩ කළා කිව්වත් විෂය භාර විජය-සේකර උන්නැහේ දහිරිය දාල ඒ පනත පාස් කර ගත්තා. මේ ගැන විජයසේකර උන්නැහේ නග්ගල පනත පරද්දන්න හදාපු එක්කෙනා සවුත්තුවෙන විදියට මේ පුවත ගොතල ආණ්ඩු පක්ෂයෙ අයම ප්‍රචාරය කළා කියල චෝදනාවට ලක්වුණු හිටපු ඇමැති තැනට මල පැනලලු. එයා මේ ගැන පොහොට්ටුවෙ ලොකු ලොක්කන්ටත් පැමිණිලි කරල තිබෙනව... ආණ්ඩු පක්ෂයෙම අය තමන්ට මඩ ගහනවය කියල...
ඊට පස්සෙ ප්‍රවෘත්තිය සමාජ මාධ්‍යයෙන් ෂෙයාර් කරපු අය සොය සොයා ඒ අයටත් හොඳවයින් දෙක තුනක් කිව්වලු...
මේ හුටපටේ නැගලම යද්දි හිටපු ඇමැති තැනගෙන් බැණුම් අහපු අය තව තවත් ඒ ප්‍රවෘත්තිය රටපුරා ප්‍රචාරය කළා කියලයි ආරංචි.