2022 ජුලි 03 වන ඉරිදා

පට්ටම් නැතුව ශෝකයෙන්

 2022 ජුලි 03 වන ඉරිදා, පෙ.ව. 08:00 564

ආණ්ඩුවෙ හිටපු රාජ්‍ය මට්ටමේ ඇමැති කස්ටිය තැන් තැන්වල එකතුවෙලා තමන්ට තවමත් පට්ටම් නොලැබීම ගැන එයාලගෙ කනස්සල්ල පළ කරනවලු... ඈත දුර පළාතක් නියෝජනය කරන එක් බුලත් කන හිටපු රාජ්‍ය ඇමැති සයිස් දිසාවට නායක මහත්තයෙක් මේ වැඩේට නායකත්වය දෙන බවත් ආරංචියි.

ආණ්ඩුවට කඩේ ගිහිල්ල තමන්ගෙ ගෙවල් දොරවල් දේපළ සේරම නැතිකර ගත්තත් තමන් ගැන ආණ්ඩුව බලන්නෙ නැහැ කියන එකයි එයාල කියන්නෙ...

ඒ අතරෙ ආණ්ඩුව බේරගන්න ඉදිරිපත්වෙලා ඉන්නවය කියන මධ්‍යම පළාතෙ ගං-පොළ පැත්තෙ උන්නැහේ කෙනෙක් රෑට රෑට මේ කනස්සල්ලෙන් ඉන්න කස්ටිය ගෙන්නල හොඳට සංග්‍රහ කරල තෙලක් බෙදන බවත් ආරංචියි...
නමුත් උන්නැහේගෙන් කාල බීල යන අය ආයෙම රැස්වෙලා එයාගෙ අම්මා මුත්තා නැති කරන බව තතු දත් අය කියනව...

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00