
මේ ආණ්ඩුවෙ මුල් පුරුකක් වගේ ඉඳල පස්සෙ ස්වාධීන වුණු බව කියමින් (ගොඩ) ගිය එක්තරා ආචාර්ය මට්ටමේ උන්නැහේ කෙනෙක් ඉන්නව...
වියතුන්ගේ මාර්ගය ඔස්සේ ආණ්ඩුවට සැට්වෙලා ඉඳල පසුගිය කැබිනට් පට්ටම් සංශෝධනේදි මෙයාගෙ පට්ටමටත් තට්ටු වුණා... ඒත් ඒක නෙවෙයි කතන්දරේ.
මුන්නැහේගෙ අතීත කියුම් කෙරුම් ගැන පොහොට්ටුවෙ මන්ත්‍රීවරු හතර පස්දෙනෙක් රහස් පොලීසියටයි අල්ලස් දූෂණ කොමිසමටයි පැමිණිලි දෙකක් කරන්න යනවලු.
එයා පසුගිය කාලෙ හදාපු මන්දිරයකට ගිය වියදම හොයාගත්ත ආකාරයලු මේ පැමිණිලි මගින් හොයාගන්න කියන්නෙ...
ඒ ගැන මේ පැමිණිල්ල දාන්න යන මන්තිරි ගොල්ල කියන කතා ඇහුවම අපටත් පිස්සු හැදෙනව. මේවගේ වටිනාකම ලස්සවලින් කියන්න බැහැ කියලයි එයාල කියන්නෙ...
මේ ගැන ලිඛිත සහ වාචික සාක්කි පොදියක්ම පැමිණිලිකාර මන්ත්‍රී ගොල්ලන්ට සොයල දුන්නෙ කොළඹට කිට්ටුම දිස්තිරික්කෙ ඉන්න එක්තරා ඇමැති සයිස් මහත්තයෙක්ලු..