2022 ජුනි 12 වන ඉරිදා

තවත් මෝටිවේෂන් අප්පච්චි කෙනෙක්

 2022 ජුනි 12 වන ඉරිදා, පෙ.ව. 10:00 543

දුරකථන පාටියේ කට්ටියක් ආණ්ඩුවේ රාජ්‍ය ඇමැති පට්ටම් ගන්න ලෑස්තිවෙලා ඉන්නවා කියලා පක්ෂයේ ලොකු තැනට ආරංචියක් ඇවිල්ලා. මේක දැනගත්ත ලොකු තැන දැන් ඒ අයගේ මොළේ වෙනස් කරන්න පොඩි මනෝ විද්‍යාත්මක පාඩමක් පටන් අරන්ලු.

හැමදාම දවස ගාණේ කොහොම හරි එහෙම යයි කියල හිතාගෙන ඉන්න අයව අධ්‍යයනය කරන්න පක්ෂයෙම කට්ටියක් දාලලු. පොඩ්ඩක් විතර වෙනස් වෙනවා නම් ලොක්කා ඉක්මනින් කතා කරලා එන්න කියලා වගකීම් ටිකක් පවරනවලු. එයාලගේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ ඔයා ඉන්නවා කියලා ඒත්තු ගන්වන්න එක එක දේවල් කියනවලු. අලුත් තනතුරැත් දෙනවලු. ආණ්ඩුවේ නරක යාළුවෝ ඉන්න පුළුවන් දේශපාලනය විනාශ කරන්න පුළුවන් කියලා ලොකු පාඩමකුත් එයා කියලා දෙනවලු. දැන් තනිකර එයා මෝටිවේෂන් අප්පච්චි වගේලු.