2022 ජුනි 12 වන ඉරිදා

කරණමකට සැරසෙයි

 2022 ජුනි 12 වන ඉරිදා, පෙ.ව. 10:00 648

කලක් පළාතක ලොකු ඇමැති පට්ටම දරල දැන් දියවන්නාවට ඇවිත් එතන චාමර සලන උන්නැහේ කෙනෙක් ඉන්නවා. ඌව පළාතෙ අත පාටියෙ බල කණුවක් වගේ හිටපු උන්නැහේට දැන් තමන්ගෙ පාටිය විතරක් නෙවෙයි පොහොට්ටු කස්ටියත් අරහං වෙලා කියලයි ආරංචි.

අත පාටියෙ තීන්දුවට පිටින් ගිහිල්ල පොහොට්ටුවට කලක් සහය දුන්න මුන්නැහේ මේ පාර රාජ්‍ය මට්ටමේ ඇමැති පට්ටමක් බලාගෙන හිටියලු.

ඒක උන්නැහේ හිතපු විදියට නොලැබෙන බව දැනගත්තම දැන් එයා අලි පාටිය පැත්තට කරණමක් ගහන්නලු යන්නෙ

දැන් මේ වැඩේට තදින්ම බැහැල ඉන්න ඌවෙ මන්ත්‍රීතුමා පොහොට්ටුවෙ කලකිරුණු අය එක්කත් රහසින් කතා කරන්න පටන් අරන්ලු.. එයින් සමහරු ඒ ගැන පොහොට්ටුවෙ ඉහළටත් දන්වල..

කොහොම නමුත් මැතිසබේ චාමර සලන මන්ත්‍රීතුමා වෙන අය නැතත් තමන් හරි රටේ දෙවැනි මහත්තය ළඟට යනව කියලලු දැන් කියන්නෙ..

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00