2022 ජුනි 05 වන ඉරිදා

අලුත් ප්‍රේමයක්

 2022 ජුනි 05 වන ඉරිදා, පෙ.ව. 10:00 579

අලුත් දේශපාලන ව්‍යාපාරයක් හැදෙන්න ඔන්න මෙන්නලු. මේ කතාව සාමාන්‍ය වුණත් මෙතන තියෙන හොඳම කතාව කාලයක් නයි මුගටි වෙලා හිටිය දෙගොල්ලක් තමයිලු මේ එකගෙයි දීගේ කන්න ලෑස්ති වෙන්නේ. ඒ වෙන කවුරුත් නෙමෙයි සීනු නාදේ තියෙන පක්ෂයයි එයාලගේ ඉස්සරහෙන් පෙරටුවේ යන්න ගිය කට්ටියකුයිලු.

කොහොම වුණත් මේ අය එකඟ තැනකට ඇවිල්ලලු තියෙන්නේ ඊළඟ පාර බලය අල්ලන්න. දැන් දැන් එයාලගේ ගෙදර මෙයාලා යනවලු මෙයාලගේ ගෙදර එයා එනවලු. ඒ තරම් ප්‍රේමය දලු දාන්න අරන් තියෙන්නේ. අරගල භූමියත් එක්ක හැදෙන්න යන මේ කසාදය ගැන හැමෝම අවධානයෙන් ඉන්නේ කියලයි ආරංචිය.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00