2022 මැයි 29 වන ඉරිදා

බෝම්බයක් වැනි ලිපියක්

 2022 මැයි 29 වන ඉරිදා, පෙ.ව. 10:00 819

දුරකථන පාටියෙන් අයින් වෙලා ආණ්ඩුවේ තනතුරු ගත්ත කිරි පැණි වගේ ඉන්න දෙන්නට තනතුරු ගත්ත ගමන් පක්ෂයෙන් පළවෙනි තෑග්ග එව්වලු. ඒ තෑග්ග තමයි පක්ෂයේ සියලු තනතුරු වගේම පක්ෂයේ සාමාජිකත්වයෙනුත් ඉවත් කරපු ලියමන.

මේ ලියමන කට්ටිය ලිව්වේ ඉතාම තදින්ලු. ඒ දෙන්නව විවේචනය කරලා. ඒත් ඒක ලොක්කා දැක්ක ගමන් මෙහෙම බෝම්බ ගහනවා වගේ ලියුම් ලියන්න එපා මනුස්සයෝ* කියලා ලියුම ලිව්ව කෙනාට කිව්ව බව ආරංචියි. කොහොමහරි ලියුම පස්පාරක් හැදුවලු. අන්තිමේ ලියුම ලොක්කා කියවලා අස්සන් කරාලු. ඒත් ඒ අස්සන් කිරීම පස්සෙලු දන්නේ ප්‍රශ්නයක් කියලා. නීතිමය පැත්තෙන් ඒ ලියුම ප්‍රශ්නයක්ලු. ඒකට හේතුව මේ ලියුම අස්සන් කරන්න ඕන නායකයා නෙමෙයි පාටියෙ ලොකු ලියන මහත්තය නිසා. කොහොම වුණත් දැන් මේකට ළඟ ළඟම උත්තරයක් එනවලු අර කිරිපැණි දෙන්නගෙන්.