2022 මැයි 22 වන ඉරිදා

කොන්දේසිය

 2022 මැයි 22 වන ඉරිදා, පෙ.ව. 10:00 675

දුරකථන පාටියේ කට්ටියට ඇමති පට්ටම් ගන්න කියලා අලුත් ආණ්ඩුවේ ලොක්කෙක් යෝජනා ගෙනාවේ ඉස්සෙල්ලම තරුණ මන්ත්‍රීවරුන්ට කතා කරලලු. ඒ ගම්පහ පැත්තේ කටකාර හරියට කෑ ගහන කෙනෙකුයි, ගාල්ලේ පැත්තේ නායක්කාර කෙනෙක්ටයිලු. මේ දෙන්නව පෞද්ගලිකව කීපවතාවක් හම්බවුණ රටේ දෙවැනියා මෙයාලගෙන් ඇහුවලු මොනවද වෙන්න ඕන කියලා. මේ දෙන්නා කිව්වේ ගෝල්ෆේස් ගහපු අයට ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කරන්න ඕන කියලලු.

එවෙලෙම රටේ දෙවැනි තැන නීතිය බාර ඉහළම තැනකට ඇමතුමක් දීලා කිව්වලු හැකි ඉක්මනින් අදම ඒ අය අල්ලන්න ඕන කියලා. ගහපු අය ගැන විස්තර තියෙද්දීත් ඇයි එයාලා අල්ලන්නේ නැත්තෙ කියලා ඇහුවලු. ඊටපස්සේ තමයිලු එදාම හවස පොහොට්ටු මන්ත්‍රිවරු දෙන්නෙක් අත්අඩංගුවට ගත්තේ. ඇත්තටම එතැන වුණේ ඒ අත්අඩංගුවට ගැනීම් වෙනකල් දුරකථන පාටියේ අය ආණ්ඩුවට සම්බන්ධ වෙන්නේ නෑ කියලා කිව්ව නිසා කියලයි ලැබෙන ආරංචි අනුව කියැවෙන්නේ.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00