2022 මැයි 08 වන ඉරිදා

ඒ තනතුර මට එපා

 2022 මැයි 08 වන ඉරිදා, පෙ.ව. 10:00 682

හිටපු අගමැති අස්වෙන ආරංචිය ආවම අලුත් අගමැති කව්ද කියල පොහොට්ටු ලොක්කො රහසිගතව කතාබහ කළාලු... මෙතැනදි ඉහළ තනතුරු දරන පොහොට්ටුවෙ කිහිප දෙනෙක් ආණ්ඩුවෙ ඉන්න ජ්‍යෙෂ්ඨතම ඇමැති සයිස් මහත්තයෙකුගෙ නම යෝජනා කළේ උන්නැහේ ඉස්සරහමයි.

ගුණ වර්ධනය කරන බව කියන මුන්නැහේ ඒ යෝජනාව ආවම කිසිවක් නොකිය ටික වෙලාවක් හිටිය. ඊටපස්සෙ එතන හිටපු අය ඇහුව මොකද කියන්නේ මේ යෝජනාව ගැන කියල... එහෙම ළඟ හිටපු අය පෙරුත්ත කරද්දි මඳ සිහනවක් මුවට නගාගත් මේ ජ්‍යෙෂ්ඨය කිව්වෙ මෙහෙමලු...

''දැන් ඉන්න අගමැති මගේ පුරාණ යාළුවෙක්. අවුරුදු හතළිහකටත් වැඩි.... ඒ නිසා උන්නැහේ ඉවත් කරල මට ඒ තනතුර භාරගන්න හිත දෙන්නෙ නැහැ... ඒ නිසා ඔය තනතුර මට නම් එපා. වෙන කෙනෙකුට දෙන්න. මම මේ තීන්දුව ගත්තෙ යාලුකමට කරන ගෞරවයක් හැටියටයි....''

උන්නැහේ එහෙම කිව්වම එතන හිටපු පොහොට්ටු ජ්‍යෙෂ්ඨයො සියලුදෙනා නිහඬ වුණාලු...

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00