2022 මැයි 08 වන ඉරිදා

කව්ද කළේ?

 2022 මැයි 08 වන ඉරිදා, පෙ.ව. 10:00 744

දුරකථන පාටියේ පාගමනේ අවසානයේදී අනාගත ආරක්ෂක ඇමැතියි, හරි හරියට වැඩකරන කටකාර හාදයයි ගහගන්න ගිය එක මේ දවස්වල හැමෝම කතාවෙනවා. ඒකට හේතුව මොකක් වුණත් ප්‍රසිද්ධියේ මෙහෙම හැසිරීම නම් අනුමත කරන්න බැරි දෙයක්. ආරංචි විදිහට මේ අවුලට හේතුව නායකයට පස්සේ අනාගත ආරක්ෂක ඇමැතිට කතාව දුන්නේ නැතිව නම කපපු එකලු. එයා කියන්නේ පක්ෂයේ සභාපති කියන්නේ දෙවැනියා කියලා. නමුත් ඇත්තටම පක්ෂයේ දෙවැනියා ලේකම්. ඒත් අනාගත ආරක්ෂක ඇමැති හිතන්නේ පක්ෂයේ දෙවැනියා සභාපති කියලාලු.

කොහොමහරි මේ නම කැපුවේ කටකාර හාදයා කියලා තමයි අර වෙන්ඩ ආරක්ෂක ඇමැති හිතුවේ. ඒකට හේතුව එයා මේ වැඩේ ප්ලෑන් කරපු නිසා. ඒක මාධ්‍යවල ගියෙත් එහෙම. ඒත් ඇත්තටම නම කැපුවේ එයා හිතන ඔය හාදයා නෙමෙයිලු. ඒක කැපුවේ පක්ෂයේ වෙනත් ඉහළම ලොක්කෙක්ලු. එයා තමයිලු ලැයිස්තුව බලලා කටකාර හාදයා උඩට දාලා වෙන්ඩ ආරක්ෂක ඇමති පල්ලෙහාට දැම්මේ. ඒත් එයා නෙමෙයිලු මේ ගෝරියේදී ඒක මම කළා කීවේ. සද්ද නොකර හිටපු බවයි ආරංචි. කොහොම වුණත් දැන් මෙච්චර කල් පොඩි පොඩි ගැටුම් තිබ්බ දෙන්නා දැන් නයාට අඳුකොළ වගේ කියල තතු දත් අය කියනව.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00