2022 මැයි 01 වන ඉරිදා

කැබිනට්ටුව සැට් කරයි

 2022 මැයි 01 වන ඉරිදා, පෙ.ව. 10:00 789

මේ දවස්වල අගමැති හීන දකින පොහොට්ටුවේම දකුණු පළාතේ කෙනා තවම ස්වාධීන බව ප්‍රකාශ කර නැතත් තවම සටන වේගවත් නොකිරීම සමහරැන්ට ලොකු ප්‍රශ්නයක්ලු. රටේ දෙවැනි තැනට පවා අයින් වෙන්න කියපු එයා තවම සටන අතට නොගත්තේ ඇයි කියලා හැමෝම කතා වෙනවලු.

කොහොම වුණත් මෙයා දැනටමත් කසුකුසු කතාවලින් එයාගේ කැබිනට් එක හදලා ඉවරයිලු. ඒකේ පක්ෂ විපක්ෂ ගොඩක් අය ඉන්නවා. මෙයා ඒ අය එක්ක කතා කරලත් තියෙනවා. ඒත් එයාගේ කට්ටියත් එක්ක තවම එළියට නොයන නිසා හැමෝම ඉන්නේ දෙගිඩියාවෙන්. කොහොම වුණත් දැනටම අර ස්වාධීන වුණු ආණ්ඩුවේ අය මෙයා එක්ක ස්වාධීන වෙන්න යන අය එක්ක හොර රහසෙම සාකච්ඡාවලු. මොකද එයා නාවොත් එයාගේ මිත්‍රයෝ ටික හරි ගන්න. දැන්නම් වැඩේ ටිකක් සාර්ථකයි වගේලු. ලොක්කට කලින් වටේ අය වැට පනී කියලත් සමහරු බලාගෙනලු ඉන්නෙ.