2022 අප්‍රේල් 24 වන ඉරිදා

අපූරු උපායක්

 2022 අප්‍රේල් 24 වන ඉරිදා, පෙ.ව. 10:00 636

මේක කඳුකරෙන් එන කතාවක්. එක්තරා තරුණ රාජ්‍ය මට්ටමේ ඇමැති කෙනෙක් හිටිය... උන්නැහේ තමන්ගේ සීයා සහ පියාගෙ උරුමයෙන් දේශපාලනේට ආපු තරුණයෙක්... වතුකර පළාතෙ හොඳ මෑන් කෙනෙක් හැටියට ප්‍රසිද්ධ මෙයා රාජ්‍ය මට්ටමේ ඇමැති හැටියට පාවිච්චි කළ සුපිරි වාහනේ අනතුරකට මුහුණ දීල අබලන් වුණා...

ඒ ගමන වාහනේ රෙපයාර් කරන්න අදාළ කොම්පැනියට භාරදුන්නා කියමුකො... දවස් ගණනකින් රෙපයාර් වැඩේ කෙරුණා... බිල රුපියල් ලක්ෂ ගණනක් හැටියටයි සඳහන් වුණේ... ඒක වහාම ගෙවල තමන්ට වාහනේ අරන් දෙන්න කියල මේ තරුණ ඇමැති තැන තමන්ගෙ අමාත්‍යංශයෙ ලේකම් තැනට නියෝග කළේ ඉන් පස්සෙලු.

කොහොම නමුත් මේ නියෝගය ලැබෙනකොට සතිඅන්ත නිවාඩු දවස් එළඹිලා.. අමාත්‍යංශයෙන් මේ ගෙවීම කරන්න බැරි නිසා අමාත්‍යංශයෙ ලේකම් තැන නිල සටහන් තබලා තමන්ගෙ අතින් ඒ බිල ගෙවල ඇමැති තැනට වාහනේ අරන් දුන්නා... පසුව අමාත්‍යංශයෙන් ඒ මුදල ලබාගැනීමේ එකඟතාව අනුව කොහොමහරි වාහනේ ගැන පුදුම හදිස්සියක් තිබුණු ඇමැති තැන වාහනේ අරගෙන ගෙදර ගියා...

ඊට දවස් දෙක තුනකට පස්සෙ උන්නැහේ ස්වාධීනත්වය ප්‍රකාශ කළා කියලා ආරංචි වුණා. එතකොටයි අමාත්‍යංශෙ කස්ටියට තේරුණේ කැඩුණු වාහනේ හදාගන්න එයා මේ තරම් හදිස්සි කළේ ඇයි කියලා...

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00