2022 අප්‍රේල් 03 වන ඉරිදා

විරෝධය මැද යනවලු

 2022 අප්‍රේල් 03 වන ඉරිදා, පෙ.ව. 10:00 697

තමන් තවදුරටත් නිල නොවන විදියට රජයේ සිටිය යුතුද නැත්ද අහන්න ආණ්ඩුවෙ ඉන්න පැරණි රතු සහෝදරයගෙ පක්ෂයෙ පාලක මණ්ඩලේ රැස්වුණා... ඒ මණ්ඩලේ දියවන්නා සමාජිකයො දෙන්නෙක් ඉන්නව.. එක්කෙනෙක් පක්ෂ නායක පැරණි රතු සහෝදරයා.. අනෙක් එක්කෙනා ඈත ඌවෙන් පත්වුණු දොස්තර මහත්තයෙක්.

කොහොම හරි පක්ෂ නායක රතු සහෝදරය ඉන්නවද යනවද නැත්නම් මොකද කරන්නෙ කියල තීන්දු කරන්න දීර්ඝ විවාදයක් තිබුණා... එයා එක්ක ඉන්න අනිත් දියවන්නා දොස්තර සගය යෝජනා කළේ හදිස්සි නොවී තව ටික දවසක් බලමු කියලයි.. ඒ යෝජනාවට එතන හිටපු පාලක මණ්ඩලේ සෑහෙන පිරිසක් සතුට කැමැත්ත ප්‍රකාශ කළා.

නමුත් එතෙන්දි පක්ෂ නායක රතු සහෝදරය ප්‍රතිපත්ති ගැන ලොකු දේශනයක් කළා. ඊටපස්සෙ උන්නැහේට හිමි නායක බලතල අනුව පාලක මණ්ඩලේ තීන්දුව මොකක් වුණත් &මම යනව* කියල එයාගෙ අන්තිම තීන්දුව ප්‍රකාශ කළාලු.
ආණ්ඩුවෙන් යන්න කලින් තවත් පොඩි වැඩක් කරන්න තිබෙන බවත් උන්නැහේ කිව්වලු... ඒත් ඒක මොකද්ද කියල තොරතුරැ කිව්වෙ නැති බවයි ආරංචි.