2022 අප්‍රේල් 03 වන ඉරිදා

පෙස්සමක්

 2022 අප්‍රේල් 03 වන ඉරිදා, පෙ.ව. 10:00 790

වැඩ කරන ජනතාව බලා කියාගන්නා එක්තරා ආණ්ඩුවෙ කන්තෝරුවක් තියෙනව.. ඒක තියෙන්නෙ නාරා...පිට පැත්තෙ. මහ ලේකම් සයිස් කස්ටිය වැඩවසනවය කියන මේ කන්තෝරුව දැන් අමුතුම ආකාරයේ පොට් එකක් බවට පත් කරගෙනලු...

මෙතන ඉන්න එක්තරා ලේ-කම් සයිස් පට්ටමක් දරන රජ කාලෙ නමකට උරුමකම් කියන මහත්තයෙක් ගැන පසුගිය දවසක රටේ මහ කන්තෝරුවට මාර ලියුමක් ඇවිල්ලලු. ඒ ලියුම ලියල තියෙන්නෙ එතන සේවකයො..

එයාල මේ කියන තැනැත්තට හැට හුටහමාරක් චෝදනා එල්ල කරල... 

අමාත්‍යංශය තමන්ගේ ඥාති දරුවන් බලා කියාගන්නා දිවා සුරැකුම් පොළක් බවට පත් කරලලු... ඊළඟට සී.සී.ටී.වී කැමරාවලින් මිනිස්සුන්ගෙ කියුම් කෙරුම් බලල හැමතිස්සේම දරුණු දෝස්මුර දානවලු... උන්නැහේ තමන්ගෙ යටතේ ඉන්න නිලධාරීන්ට සත්තුන්ට වගේ බණිනව කියලත් ලියල තියෙනව...

ඒ වගේම උන්නැහේ අනුන්ට බණ දෙසමින් කරන කියන තවත් ජරමර ගණනාවක් සඳහන් මේ ලිපියට අදාළව මොකක් හරි පියවරක් අරන් මේ ආයතනයෙ සේවකයො පත්ව ඇති පීඩාවෙන් ගලවාගන්න කියලයි රටේ ඉහළම තැනින් සේවකයන් ඉල්ලල තියෙන්නෙ.

 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00