2022 අප්‍රේල් 03 වන ඉරිදා

දැල එලීම

 2022 අප්‍රේල් 03 වන ඉරිදා, පෙ.ව. 10:00 579

මේ දවස්වල අලි පාටියේ ලොකු තැන වගේම සෙසු අයත් කැමැතිම කෙනෙක් ඉන්නවලු. එයාලා මෙයාට කොච්චර කැමැතිද කියනවා නම් නිතර ඇමතුම්, හමුවීම් තියමින් එයා එක්ක සාකච්ඡාත් කරනවා. ඒ හම්බවෙන කෙනාට කියන්නේ අලි පාටියට ඇවිත් එයාට දේශපාලනය කරලා පස්සෙ කාලෙ රටේ මහ පුටුවට තරග කරන්න කියලා බවත් ආරංචියි. එයත් ඒකට අකැමැත්තක් පෙන්නල නෑලු.

කවුරු කවුරුත් දන්න මේ විශේෂ කෙනා සේනාවක් බාර, කොළඹ පැත්තෙන් ආපු දුරකථන පාටියේ කෙනෙක්. මෙයා දැනටමත් දුරකථන පාටියෙන් ටික ටික ඈත්වෙලා ඉන්න නිසා අලි පාටියේ ලොක්කා දැල එලුවා කියලයි කියන්නෙ. කොහොමත් තවම හරි අදහසක් නැති මේ හමුවීම දැන් දැන් දේශපාලන තිරෙන් පිටුපස්සේ ලොකුම කතාබහ මේ හමුවීමලු.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00