2022 මාර්තු 27 වන ඉරිදා

ඔහේ කව්ද? මම කව්ද?

 2022 මාර්තු 27 වන ඉරිදා, පෙ.ව. 10:00 673

තමන්ගෙ නිල තත්ත්වය රාජ්‍ය මට්ටමේ ඇමැති කෙනෙකුට වඩා උසස් නිසා රාජ්‍ය මට්ටමේ මැති ඇමැතිල එක්ක එක පේලියේ අසුන් ගන්න බැහැ කියන පළාත් සභාවක ලොක්කෙක් ඉන්නවලු. එයා මහ ඇමැතිල වෙනුවට සභාවල් පාලනය කරන්න පත්කළ කෙනෙක්.

පසුගියදාක එයා ඉන්න රැස්වීමකට පැමිණි හේ-රත් වගේ නමක් තියෙන රාජ්‍ය මට්ටමේ ඇමැති කෙනෙකුට තමන් අසුන් ගන්න පේළියෙන් ඉවත්වෙලා පසුපසට යන්න කියලත් මෙයා අණ දුන් බවයි ආරංචි... තමන් පළාතේ ලොක්කා බවත් තමන් දෙවැනි වන්නේ අහවල්ලු දෙතුන් දෙනාට පමණක් බවත් කියමින් උදම් අනන මුන්නැහේගෙ මේ ක්‍රියා කලාපෙ ඒ පළාතෙ ඉන්න පක්ස විපක්ෂ, මැති ඇමැති දෙගොල්ලටම මල පැනලලු ඉන්නෙ.

රටේ තියෙන නීතියට උඩින් එයාගෙ නීති ක්‍රියාත්මක කරන්න යන මේ පළාත් ආණ්ඩු ලොක්ක ගැන ආණ්ඩුවෙ මහ කන්තෝරුවට කියල ළඟදිම දෙකෙන් එකක් කරගන්නව කියල පළාතෙ අනෙක් දේශපාලන ලොක්කො පසුගියදාක සැට්වෙලා කතා කරගත්තලු.

මෙයා ඒ පළාතට වසන්තය උදා කරන්න කියල ආවත් දැන් උදාවෙලා තියෙන්නෙ ගිම්හානය කියලයි සමහර දේශපාලුතුමාල කියන්නෙ.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00