2022 මාර්තු 27 වන ඉරිදා

ලලනාවගෙ පැමිණිල්ල

 2022 මාර්තු 27 වන ඉරිදා, පෙ.ව. 10:00 702

සත්තු පාලනය කරන තැනක ලොකු පුටුවකට බරක් වෙච්ච ලලනාවක් පහුගිය කාලේ වැඩ තහනම් කරලා ගෙදර යවලා තිබ්බේ. මේ වෙද්දී පරීක්ෂණයකුත් කරනවා. මේ අතර එයා ඉන්න කාලේ එතැන හිටිය වෘත්තීය සමිති හාදයෝ ටිකකුත් මෙම ලලනාව විසින් විවිධ හේතු මත විනය කේස්වලට මාට්ටු කරල. ගෙදර යවලා තිබ්බේ. දැන් මෙතන අවුල් ජාලාවක් වෙලා නිසා මේ සත්තු පාලන කරන තැන බාර අමාත්‍යංශයට ආපු අලුත් ලොකු ලියන මහත්තයා මේ ප්‍රශ්නය විසඳන්න මැදිහත් වුණාලු. ඒ මැදිහත් වුණේ මේ ආයතනය හොඳින් කරන් යන්න ඕන නිසා. ඉස්සෙල්ලම කළේ සේවකයෝ ටික හරි ගස්ස ගන්න ඕන නිසා අර ගෙදර යවපු සේවකයෝ ටික නැවත රැකියාවේ පිහිටවීමලු. ඊළඟට එයාල ලලනාව එක්ක ඇති ප්‍රශ්න සමතයකට පත් කරන්නත් මේ ලොකු ලියන මහත්තය සැලසුම් කරල තිබුණ.

ඒත් එයාට වැඩේ කරලා හරි ගස්සන්න වුණේ නෑලු. මෙන්න ලොකු ලියන මහත්තයට දෙහිවල පොලීසියෙන් ඇමතුමක් එනවලු. ඒ එයාට විරැද්ධව පැමිණිල්ලක් තියෙනවා කියලා. මොකක්ද හේතුව ඇහුවම ගෙදර යවපු සේවකයෝ ආයේ වැඩට ගත්තා කියලා. පැමිණිල්ල දාලා තියෙන්නෙ අර ගෙදර ගියපු ලලනාව. මේක ඇහුව ගමන් එක පැත්තකින් හිනාලු. අනෙක් පැත්තෙන් තරහලු. කෝමහරි මේක ලොකු ලියන මහත්තයා ඇමැති තැනට කියලා එයාගෙන් රටේ ලොකු තැනටම ප්‍රශ්නය ගියා. අන්තිමේ රටේ ලොකුතැන තීන්දු කළේ ප්‍රශ්න සියල්ලට හේතුව ලලනාව නිසා එයාට එහෙමම ගෙදර ඉන්න කියන්නලු. අන්තිමේ දැන් ලලනාවටලු ගෙදර ඉන්න උනේ.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00